ඉදිරියෙදී රට තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි.
රට තුළ පවතින ලොක්ඩවුන් සීමා ඔක්තොබර් මස පළවැනිදා ඉවත්කිරීමෙන් අනතුරුව සියලු ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළයුතු වේ.
ඒ අනුව රාජ්‍ය සේවකයන් කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳ තීරණ ගෙන තිබේ.
එම තීරණ අනුව ලබන මාර්තු මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට ආයතනවලට කැඳවීමට තීරණය කර ඇති බව ප්‍රධාන පුවත්පතක් ද වාර්තා කර තිබේ.
සේවකයින්ට රාජකාරි සඳහා පැමිණීමට හැකිවන සේ පොදු ප්‍රවාහන සේවා (දුම්රිය සහ බස්) සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන්‍ය පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය කර ඇත.
රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
