පාසල් ළමුන් සමඟ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි..13ක් රෝහලේ..
By Luxshan
බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (16) උදෑසන අනතුරක් සිදුවුණා.
මෙම අනතුර සිදුව ඇත්තේ, පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් දහ තුන්දෙනෙකු(13) ප්‍රතිකාර සඳහා දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
තුවාල ලැබූවන් අතර, පාසල් ළමුන් 09 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර, බස් රථ දෙකේම අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.




