අයවැයට ප්‍රශ්න ගොඩක් - මාලිමාවට තවත් පරාජයක්
පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව ඇත.
ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කර තිබුණා.
එහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 කුත් විපක්ෂව ඡන්ද 12කුත් හිමිව ඇත.
ඒ අනුව පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි.
එමෙන්ම තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිව තිබුණා.
ඡන්ද ප්‍රකාශ කිරීම සමවීම හේතුවෙන් ඉන් අනතුරුව සභාපතිවරයාගේ ඡන්දය ද ලබාගැනීමට සිදුවිය.
සභාපතිවරයාගේ ඡන්දය හිමිවීමෙන් පසු ජාතික ජන බලවේගය තණමල්විල ප්‍රාදේශීය සභා අයවැය ජයග්‍රහණය කර තිබුණා.