නිල නොවන ප‍්‍රතිඵල විකාශය තහනම්!

Report

2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී සහතික කළ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුය.

නිසි ගෙවීම් සම්පූර්ණ කර ලියාපදිංචි වූ විද්‍යුත් මාධ්‍ය ආයතනවලට පමණක් සහතික කළ ප්‍රතිඵල ලබා දෙන අතර, ඒවා ආරක්ෂිත පරිගණක ජාලයක් හරහා ක්ෂණිකව ලබා දීමට අවශ්‍ය විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කර ඇත.

ජනපතිට කළ අසත්‍ය ප්‍රකාශය ගැන CID විමර්ශන ආරම්භයි

ජනපතිට කළ අසත්‍ය ප්‍රකාශය ගැන CID විමර්ශන ආරම්භයි

සියලු විද්‍යුත් මාධ්‍ය (රූපවාහිනී, චන්ද්‍රිකා රූපවාහිනී, ගුවන් විදුලි, අන්තර්ජාල පුවත්පත්, වෙබ් අඩවි, මුහුණු පොත (Facebook), YouTube, ජංගම දුරකථන යෙදවුම්, ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවා සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල) විසින් නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටිය යුතුය.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිමත් ලෙස ලියාපදිංචි නොවූ සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන, ප්‍රතිඵල ක්ෂණිකව ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටිය යුතුය.

මෙවර මැතිවරණය සජබය විශිෂ්ට ජයක් ලබනවා - සජිත්

මෙවර මැතිවරණය සජබය විශිෂ්ට ජයක් ලබනවා - සජිත්