අල්ලස් ගත් අධිකරණ සේවකයා මාට්ටු
ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සැකකරු, ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරන අතර, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නඩුවකට අදාළ පාර්ශ්වකාරියකට අදාළ සිතාසියක් නීත්‍යානුකූල නොවන ලෙස භාර දී, එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී තිබේ.
අදාළ කාර්ය සඳහා සැකකරු එම කාන්තාවගෙන් රුපියල් 3,500ක අල්ලසක් ඉල්ලා ඇති අතර, අල්ලස් මුදල් ලබා ගැනීමේ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එළැඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.