බොරැල්ල කනත්තේ සිදුවෙන හොරකම - විදුලි පහන් සියල්ලමත් අක්‍රීය වෙයි.
මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම කපා ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
එම නිසා මේ වනවිට ආරක්ෂාවට මෙන්ම අතුරු මාර්ග වල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රිය වී තිබෙනවා.
මෙම සිදුවීම සිදු වී සති දෙකකට පමණ කාලය ගත වී ඇති නමුත් මේ වන තෙක් පාලනාධිකාරිය කිසිදු විසඳුමක් ගෙන නොමැත.
කෙසේවෙතත්, එහි වැඩ කරන සේවකයින් පවසන්නේ, එහි ආරක්ෂාව තර නොකළහොත් ආදාහනාගාරය ද අනාරක්ෂිත තත්ත්වයකට පත් විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිටි පොදු සුසාන භූමියේ ඉතිහාසය මින් වසර 155 වඩා ඈත අතීතයකට හිමිකම් කියයි.
අක්කර 50 පුරා වපසරියකට විහිදුණු බොරැල්ල කනත්ත 1866 වර්ෂයේ ස්ථාපිත විය.
ඒ පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධයේ දී මරණයට පත් වූ සොල්දාදුවන්ගේ මෘත දේහ මිහිදන් කිරීම සිදුවිය.
මේ වන විට බෞද්ධ, හින්දු, කතෝලික හා වෙනත් ආගම්වල ලක්ෂ 30 වැඩි පිරිසක් තම අවසන් නිද්‍රාව සඳහා තෝරාගෙන ඇත.
කෙසේවෙතත්, කොළඹ නගරයේ බොරැල්ල, කිරුලපන මහවත්ත හා ජාවත්ත සුසාන භූමි ප්‍රධාන වුවත් සුප්‍රසිද්ධ සොහොන්බිම බොරැල්ල සුසාන භූමිය වේ.