ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් තරුණයෙක් අල්ලයි..භයානක ඇත්තක් එළියට..?

bomb narahenpita lanka hospital
By Sewvandhi Sep 25, 2021 05:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 14 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙහි ප්‍රධාන සැකකරු විසින් සිදුකළ අනාවරණය කිරීමකින් අනතුරුවයි අදාල 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු පැවසුවේ.

ලංකා රෝහලේ වැසිකිලියේ කාලබෝම්බය ඇටවූ බවට මීට පෙර සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට පුරණ ද්‍රව්‍ය භාවිතයට පුහුණුව ලබාදුන්නේ කවුරුන්දැයි මෙතෙක් තහවුරුකර ගෙන නැත. ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ යූ ටියුබ් සහ අන්තර්ජාලයෙන් එම දැනුම ලබාගත් බවකි.

එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥයන් පවසන්නේ මෙම අත්බෝම්බය ඔහු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා ඇටවූ බව පිළිගත නොහැකි බවය. පුපුරණ ද්‍රව්‍ය භාවිතය ගැන හසල දැනුමක් ඇති නිලධාරීන් පවා එවන් ඇටවුම් කිරීමට දෙවරක් හිතන බවත් එය අවධානම් ක්‍රියාවක් බවත් පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් සදහන් කළේය. මෙම සැකකරු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එම බෝම්බය කාල බෝම්බයක් ලෙස ඇටවූයේ නම් ඊට පෙර මෙවන් ඇටවුම් කර හසල පළපුරුද්දක් ඔහුට තිබිය යුතු බව එම විශේෂඥයාගේ අදහසය.

එසේ නොමැතිව කිසිදිනක අත්බෝම්බයක් අල්ලාවත් නොමැති පුද්ගලයෙකුට මෙවන් ඇටවුමක් කිරීමට නොහැකි බව ද ඔහු කියයි. මෙම සැකකරු ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් වන අතර වැඩිදුර අධ්‍යාපනයක්ද ලබා නැත්තෙකි. එවන් පුද්ගලයෙක් අන්තර්ජාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා ඒවා අත්හදා බලන්නේ නම් එය වඩාත් බරපතල මෙන්ම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළ බව නිවුස්වේවූ. එල්කේ වෙබ් අඩවිය සඳහාන් කරයි.

ලංකා රෝහල් වැසිකිලියක කාලබෝම්බය ඇටවූ සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව හෙළිවී ඇත. ඔහු මේ වන විට ආරක්ෂක අංශවලට ඔත්තු සපයන අතර ඔහු ලබාදුන් තොරතුරු මත පසුගිය කාලයේ සාර්ථක වැටලීම් රැසක් සිදුකර ඇතැයිද පොලිස් විමර්ශන වලින් තහවුරු වී ඇත. සැකකරුගේ සහෝදරියක්ද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව හෙළිවී තිබුණි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha