ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්

Report

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ස්වාභාවික ගෑස් වෙළඳපොළවල දැනටමත් දැඩි හිඟයක් මතුවෙමින් පවතින බැවින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ශීත ඍතුව දක්වා තෙල් මිල ඉහළ යා හැකි බවට ඇමරිකානු බැංකුව (BoFA) අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් හෝමූස් නැවත විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් විසඳී නොමැති අතර ලෝකයේ වැදගත්ම තෙල් නැව් ගමනාගමනය යුද්ධයට පෙර මට්ටම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් පවතින බැවින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

යුද්ධයට පෙර හෝමූස් හරහා දිනකට නැව් 5 සිට 10 දක්වා ප්‍රමාණයක් ගමන් කළ අතර, දැනට එය ආසන්න වශයෙන් 140 ක් වූ බව ඇමරිකානු බැංකුවේ භාණ්ඩ හා ව්‍යුත්පන්න පර්යේෂණ ප්‍රධානී ෆ්‍රැන්සිස්කෝ බ්ලැන්ච් සඳහන් කර ඇත.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

එමෙන්ම මේ වන විට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා බොරතෙල් ප්‍රවාහනය කරන බැවින්, බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමට දිනකට නැව් 80 සිට 100 දක්වා ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සිදුවනු ඇති බව සඳහන්.

එසේම බ්ලැන්ච් පවසා ඇත්තේ, "දැනට අපට ප්‍රමාණවත් තරම් බොරතෙල් තිබෙනවා, නමුත් ඩීසල් වෙළඳපොළවල්, පෙට්‍රල් වෙළඳපොළවල් සහ ගෝලීය ගෑස්වල සැබෑ හිඟයක් තිබෙනවා, බලශක්ති වෙළඳපොළවල අවසාන නිෂ්පාදනවල අපට දැන් බරපතළ අඩුපාඩු තිබෙනවා." යනුවෙන්. 

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි