නෙළුම් මල් කඩන්න ගොස් අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර පාවෙමින් තිබියදී සොයා ගනී

Report

බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇළ මාර්ගයක පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමූවී ඇත බොරලැස්ගමුව පොලීසිය සඳහන් කළේ මියගිය තැනැත්තා නෙළුම් මල් කැඩීමට ගොස් කිඹුල් ප්‍රහාරයට ලක්ව අතුරුදන්ව සිටි අයෙකු බවයි.

මරණකරු හොරණ කණන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි මදුර ජිනේන්ද්‍ර නමැති 44 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා පසුගිය 27 වැනිදා නෙළුම් මල් කැඩීම සඳහා බෙල්ලන්විල වැව ආසන්නේ අතුරු ඇළ මාර්ගයකට බැස ඇති අතර එහිදී ඔහු අතුරුදන්ව තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව සොයා බැලුව ද කිසිදු තොරතුරක් එදින දැනගැනීමට නොහැකිවී තිබේ

අද (29) දහවල් එම පුද්ගලයාගේ මළ සිරුර ඊට මීටර් 100ක් පමණ ඈතින් වූ ඇළ මාර්ගයේ පාවෙමින් තිබියදී ලද තොරතුරක් අනුව මළ සිරුර ගොඩගත් බව පොලීසිය සඳහන් කරයි

මළ සිරුරේ හිස ප්‍රදේශයේ සහ පපු ප්‍රදේශයේ කිඹුල් ප්‍රහාරයට ලක්වීමේ ලකුණු දක්නට ඇති බව ද සඳහන් කර තිබේ .

ස්ථානීය පරීක්ෂණ නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් සිදු කර තිබේ . මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලීසියි විසින් සිදු කරනු ලබ