අනාවැකි වෙළඳපොළ රහස් තොරතුරුවලින් කලඹයි - ට්‍රම්ප්ගේ කතාවල වචන ගැන ඔට්ටු ඇල්ලූ නිලධාරියාට වසර 3ක වෙළඳ තහනමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කිරීමට නියමිත කථා පිළිබඳ පූර්ව දැනුම භාවිත කරමින් අනාවැකි වෙළඳපොළක ඔට්ටු ඇල්ලූ හිටපු ධවල මන්දිර ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරුවෙකුට ඩොලර් 172,000කට වැඩි මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.
එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ අනාගත වෙළඳ කොමිසම (CFTC) සඳහන් කළේ ගේබ්‍රියෙල් පෙරෙස් 2025 දෙසැම්බර් සිට 2026 පෙබරවාරි දක්වා කාලය තුළ Kalshi අනාවැකි වෙළඳපොළ වේදිකාවේ ගනුදෙනු කර ඇති බවයි.
එම වේදිකාව හරහා සැබෑ ලෝකයේ සිදුවීම් සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීමට පරිශීලකයින්ට අවස්ථාව සැලසෙන අතර, පෙරෙස් ට්‍රම්ප්ගේ කථාවල අන්තර්ගතය පිළිබඳ තමන් සතු පූර්ව දැනුම භාවිත කර ගනුදෙනු සිදුකර ඇති බව එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ අනාගත වෙළඳ කොමිසම (CFTC) පවසයි.
නියාමකයා එම ක්‍රියාව හඳුන්වා දී ඇත්තේ ඔහුට පැවරී තිබූ විශ්වාසනීය වගකීම උල්ලංඝනය කරමින් රහස්‍ය තොරතුරු අනිසි ලෙස භාවිත කිරීමක් ලෙසයි.
සිකුරාදා ප්‍රකාශයට පත් කළ එකඟතාවක් යටතේ පෙරෙස් විසින් ඔහු උපයාගත් ලාභ ලෙස ඩොලර් 107,539.02ක් ආපසු ගෙවිය යුතු අතර, ඊට අමතරව ඩොලර් 65,000ක සිවිල් දඩයක්ද ගෙවීමට නියෝග කර තිබේ.
එමෙන්ම වසර තුනක කාලයක් වෙළඳාම් කිරීමෙන් ඔහුට තහනමක් පනවා ඇත. විමර්ශනය සඳහා පෙරෙස් “ආදර්ශමත් සහයෝගීතාවක්” ලබා දුන් බැවින් ඔහුට පනවන දඬුවම අඩු කළ බව එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ අනාගත වෙළඳ කොමිසම සඳහන් කරයි.
මේ අතර, පෙරෙස් වැටුප් රහිත නිවාඩුවක් සඳහා යොමු කර ඇති අතර, ඔහු නැවතත් ධවල මන්දිරයේ සිය තනතුරට නොපැමිණෙන බව එවකට මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ජූලි මාසයේදී ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ අනාගත වෙළඳ කොමිසමC විසින් ප්‍රකාශයට පත් කළ මෙම එකඟතාව සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.