සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද (29) සිට නැවත දැනුම් දෙන තුරු කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි.
එහි සඳහන් වන්නේ පසුගිය 25 වනදා සිට සේවක පිරිසක් රාජකාරි කටයුතුවලින් බැහැරවීම සහ නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් සාමාන්‍ය මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති බවයි.
එම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වයටද අහිතකර ලෙස බලපා ඇති බව කළමනාකාරීත්වය පවසන අතර කර්මාන්තශාලාවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
ඒ අනුව රික්ත උදුන්, ක්‍රිස්ටලයිසර්, සසයිබර්, කිරුම් පුවරු හා උක් අංගනය, ජලනල, විදුලි, විදුලි බලාගාර, පොම්පාගාර, ආරක්ෂක, ගිනි නිවීමේ සහ වගා අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස පවත්වාගෙන යාමට නියමිතයි. කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ අනෙකුත් පරිපාලන හා සේවා අංශ දින නියමයකින් තොරව තාවකාලිකව වසා දැමීමටයි.
