ඇපල් සමාගම ලෝකය හොල්ලයි - 2026දී Apple වෙතින් නව නිෂ්පාදන 11ක් දැනටමත් හඳුන්වා දිලා

By Malith Madushan Aug 29, 2026 11:04 AM GMT
Report

2026 වසරේ මේ දක්වා Apple වෙතින් නව නිෂ්පාදන 11ක් - තවත් නිෂ්පාදන රැසක් ළඟදීම Apple සමාගම 2026 වසරේ මේ දක්වා නව දෘඩාංග නිෂ්පාදන 11ක් හඳුන්වාදී ඇති අතර, තවත් ප්‍රධාන නිෂ්පාදන රැසක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

2026 වසර ආරම්භයේදී Apple විසින් ජනවාරි 26 වැනිදා දෙවැනි පරම්පරාවේ AirTag හඳුන්වාදීමත් සමඟ නව නිෂ්පාදන එළිදැක්වීම ආරම්භ කළේය. නව AirTag 2 සඳහා Apple සමාගමේ දෙවැනි පරම්පරාවේ Ultra Wideband චිපය භාවිත කර ඇති අතර, එමගින් Precision Finding පහසුකමේ පරාසය සියයට 50කින් පමණ වැඩි කර තිබේ.

වැඩි Bluetooth පරාසයක් සහ වැඩි ශබ්දයක් නිකුත් කළ හැකි speaker එකක්ද එයට ඇතුළත්ය. මාර්තු මාසයේ නිෂ්පාදන රැසක් 2026 වසරේ Apple හි නව දෘඩාංග නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩිම වේගයක් මාර්තු මාසයේදී දැකගත හැකි විය.

අනාවැකි වෙළඳපොළ රහස් තොරතුරුවලින් කලඹයි - ට්‍රම්ප්ගේ කතාවල වචන ගැන ඔට්ටු ඇල්ලූ නිලධාරියාට වසර 3ක වෙළඳ තහනමක්

අනාවැකි වෙළඳපොළ රහස් තොරතුරුවලින් කලඹයි - ට්‍රම්ප්ගේ කතාවල වචන ගැන ඔට්ටු ඇල්ලූ නිලධාරියාට වසර 3ක වෙළඳ තහනමක්

එම මාසය තුළ නිෂ්පාදන 8ක් එළිදක්වා තිබේ. මාර්තු මාසයේ ආරම්භයේදී ඩොලර් 599ක මිලකට iPhone 17e හඳුන්වා දුන් අතර, එහි මූලික storage ධාරිතාව 256GB දක්වා වැඩි කර තිබේ. A19 chip, C1X modem සහ MagSafe පහසුකම්ද එයට එක්කර ඇති අතර නව soft pink වර්ණයක්ද හඳුන්වා දී ඇත.

එමෙන්ම අඟල් 11 සහ අඟල් 13 ප්‍රමාණවලින් M4 iPad Air මාදිලිද Apple විසින් හඳුන්වා දෙන ලදී. ඒවාට 12GB memory, C1X cellular modem සහ N1 wireless chip ඇතුළත් කර තිබේ.

ඊළඟ දිනයේදී M5 MacBook Air, M5 Pro සහ M5 Max සහිත MacBook Pro, නව Studio Display සහ නව Studio Display XDR ඇතුළු තවත් නිෂ්පාදන හතරක් හඳුන්වා දෙන ලදී. මාර්තු 4 වැනිදා Apple විසින් MacBook Neo හඳුන්වා දුන් අතර, ඩොලර් 699ක ආරම්භක මිලක් සහිත එය Apple සමාගමේ අඩුම මිලැති Mac notebook එක බවට පත්විය.

එය A18 Pro chip එකකින් බලගැන්වේ. මාර්තු 16 වැනිදා AirPods Max 2 හඳුන්වාදීමත් සමඟ එම මාසයේ නව නිෂ්පාදන එළිදැක්වීම අවසන් විය. H2 chip මගින් වැඩිදියුණු කළ noise cancellation, Adaptive Audio, Conversation Awareness සහ Live Translation ඇතුළු නව පහසුකම් රැසක් එයට ලබාදී තිබේ.

Mac mini සහ Mac Studio නව මාදිලි Apple සමාගමේ නවතම දෘඩාංග නිෂ්පාදන නිවේදන අගෝස්තු 25 වැනිදා සිදුකර තිබේ. නව Mac mini සඳහා Apple හි නව M6 chip එක හෝ M5 Pro chip එක තෝරාගත හැකි අතර, මාදිලි දෙකටම වේගවත් storage, Wi-Fi 7, Bluetooth 6 සහ 2.5Gb Ethernet පහසුකම් සම්මතව ලබාදී ඇත.

එහි ආරම්භක මිල ඩොලර් 899කි. එමෙන්ම M5 Max හෝ M5 Ultra chip මගින් බලගැන්වෙන නව Mac Studio මාදිලියක්ද Apple විසින් හඳුන්වා දී තිබේ. ඉහළම මට්ටමේ configuration එක සඳහා 512GB දක්වා unified memory ලබාගත හැකිය.

මෙම Mac මාදිලි දෙක සඳහා මේ වනවිට පෙර ඇණවුම් භාරගන්නා අතර, සැප්තැම්බර් 22 වැනිදා සිට පාරිභෝගිකයන් වෙත ලබාදීමට නියමිතය. තවත් ප්‍රධාන නිෂ්පාදන සැප්තැම්බර් මාසයේදී? Apple සමාගම සැප්තැම්බර් 9 වැනිදා “Surprise and shine” නමින් විශේෂ නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතය.

එහිදී iPhone 18 Pro, iPhone 18 Pro Max, Apple හි පළමු foldable iPhone මාදිලිය, Apple Watch Series 12, Apple Watch Ultra 4 සහ AirPods 5 ඇතුළු නිෂ්පාදන හඳුන්වාදෙනු ඇති බවට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2026 වසර අවසන් වන විට Apple සමාගමේ නව දෘඩාංග නිෂ්පාදන ලැයිස්තුව තවදුරටත් පුළුල් වීමට ඉඩ ඇති බව තාක්ෂණික ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ.

Gen Z AI එක්ක ළඟම මිතුරෙක් වෙයි - පෞද්ගලික ගැටලුත් AI සමඟ කතා කරනවා නම් පරිස්සමින්

Gen Z AI එක්ක ළඟම මිතුරෙක් වෙයි - පෞද්ගලික ගැටලුත් AI සමඟ කතා කරනවා නම් පරිස්සමින්