නිතරම තමන්ගේ අඩුපාඩු දකිනවා නම් ඔබටත් මේ රෝගය විය හැකියි..රෝග ලක්ෂණ මෙන්න..

brain symptoms therapy body dysmorphic mental disease
By Sewvandhi Sep 15, 2021 04:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔබටත් හිතෙනවද තව ටිකක් සුදු වුණා නම් හොදයි ,ටිකක් කෙට්ටු වෙන්න ඕනේ ,මහත් වෙන්න ඕනේ ,උස යන්න ඕනේ කොට වෙන්න වගේ එක එක දේවල් . එහ්රේම හිතෙන දේ තමයි මනුස්ස ස්වභාවය .කිසිම කෙනෙක් තමන්ට තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්නේ නැහැ .ඉතින් ඒ නිසා ඔයාගේ ශරීරයේ වෙනසක් දකින්න ඕනෑම කෙනෙක් කැමතියි .එක සාමාන්‍යයි . නමුත් සමහර අය ඉන්නවා හැමවෙලාවෙම තමාගේ වැරදි අඩුපාඩු විතරක්ම දකින අය .ඒ වැරදි අඩුපාඩු ගැන සිතමින් නිතරම පසුතැවෙන අය .ඇත්තටම මෙය රෝගී තතත්වයක් .එය හදුන්වන්නේ Body Dysmorphic නමින් .

නිතරම තමන්ගේ අඩුපාඩු දකිනවා නම් ඔබටත් මේ රෝගය විය හැකියි..රෝග ලක්ෂණ මෙන්න.. | Body Dysmorphic Illness Symptoms

මොකක්ද මේ Body Dysmorphic කියන්නේ ?

Body Dysmorphic ආබාධය කියන්නේ මනෝචිකිත්සක ආබාධයක් . එහිදී මිනිසුන්ගේ ශරීරයේ අසම්පූර්ණකමක් හෝ අඩුපාඩුවක් ඇතැයි නිතරම සිතනවා. හැබැයි මේ කියන්නේ කණ්නාඩිය දිහා බලාගෙන ඔබේ නාසයට අකමැති වීම හෝ ඔබේ කොණ්ඩෙට අකමැති වීම වගේ දෙයක් නෙමෙයි .ඒ වෙනුවට මේ අඩුපාඩු ඔබගේ දෛනික ජීවිතයට බාධා කිරීමට සමත් වෙන ලෙස සිතීමයි.

කෙටියෙන් සහ සරලව කිව්වොත් Body Dysmorphic කියන්නේ ඇත්ත තත්වයට වඩා ඔබේ ශරීරය පිලිබදව වෙනස් ලෙස හා ඍණාත්මක සිතීමයි . සාමාන්‍යයෙන් Body Dysmorphic වලින් පෙළෙන පුද්ගලයා විසින් සිතන “අඩුපාඩුව” වෙනත් පුද්ගලයින්ට දකින්න ලැබෙන්නේ නෑ .ඔවුන් හොඳ පෙනුමක් ඇති බව හෝ අඩුපාඩුවක් නොමැති බව කොපමණ වාරයක් සහතික කළත් Body Dysmorphic ඇති පුද්ගලයා ගැටලුව නොපවතින බව පිළිගන්නේ නැහැ.

රෝග ලක්ෂණ
  • ශරීරයේ අඩුපාඩුකම් පිළිබද වැඩි අවධානයක්‌ යොමු කිරීම
  • මෙම අඩුපාඩු හැර වෙනත් දේ කෙරෙහි අවධානය යොමු කිරීම
  • දුෂ්කර වීම හීන වූ ආත්ම අභිමානය
  • සමාජයෙන් ඈත්ව සිටීම
  • රැකියාවේදී හෝ පාසලේදී අනිත් පුද්ගලයින්ගෙන් ඇති වී සිටීමට උත්සහ කිරීම
  • අධික ලෙස විලාසිතා භාවිතය හෝ ප්ලාස්ටික් සැත්කම් කිරීමට උත්සහ කිරීම
  • අනවශ්‍ය ලෙස කණ්නාඩි වලින් රූපය පරික්ෂා කිරීම
  • නිතර ඇඳුම් මාරු කිරීම.

නිතරම තමන්ගේ අඩුපාඩු දකිනවා නම් ඔබටත් මේ රෝගය විය හැකියි..රෝග ලක්ෂණ මෙන්න.. | Body Dysmorphic Illness Symptoms

Body Dysmorphic වලට හේතු

Body Dysmorphic වලට හරිම හේතුව කුමක්දැයි පර්යේෂකයන්ශ්වා තවම සොයාගෙන නැත.නමුත් පහත සදහන් ඕනෑම හේතුවක් නිසා Body Dysmorphic ඇතිවෙන්න පුළුවන්.

  • පාරිසරික සාධක
  • අතීතයේ අපයෝජනයට හෝ හිරිහැර වීම් වලට ලක්වීම
  • ජාන විද්‍යාව
  • මොළයේ අසාමාන්‍යතා
Body Dysmorphic ආබාධය හඳුනා ගන්නේ කෙසේද?

Body Dysmorphic රෝගය ඇතුළත් කර ඇත්තේ එක්තරා ආකාරයක obsessive compulsive disorder එකක් ලෙසයි . බොහෝ විට Body Dysmorphic රෝගය කාංසාව හෝ වෙනත් මානසික ආබාධවලින් එකක් ලෙස වැරදි ලෙස විනිශ්චය කරනු ලබනවා . මොකද Body Dysmorphic ඇති පුද්ගලයින් බොහෝ විට කාංසා තත්වයද අත්විදින නිසා.

Body Dysmorphic රෝග විනිශ්චය සඳහා පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය . දිනකට අවම වශයෙන් පැයක්වත් ඔබේ ශාරීරික පෙනුමේ “අඩුපාඩුවක්” ඇති බවට අවධානය යොමු කිරීම. ඇද සිටින ඇඳුම් නැවත නැවත වෙනස් කිරීම හෝ කැඩපත දෙස බැලීම වැනි පුනරාවර්තන හැසිරීම්. “අඩුපාඩු” පිළිබඳ සිතීම නිසා සැලකිය යුතු පීඩාවක් ඇති වීම .

ප්‍රතිකාර ක්‍රම

01.Therapy Behavioral therapy කියන්නේ දැඩි මනෝචිකිත්සාව ට උපකාර කළ හැකි එක් ප්‍රතිකාර ක්‍රමයක් . ඔබේ ප්‍රතිකාර සැලැස්මට private sessions වගේම family sessions ද ඇතුළත් වෙන්න පුළුවන්. Therapy එකේ මුලික අවධානය යොමු වෙන්නේ අනන්‍යතාවය ගොඩනැගීම, ආත්ම අභිමානය සහ ස්වයං-වටිනාකම් සදහායි .

02.බෙහෙත් Body Dysmorphic සඳහා පළමු ඖෂධීය treatment එක වන්නේ serotonin reuptake inhibitor විෂබීජ නාශක වන fluoxetine (Prozac) සහ escitalopram ය. උමතු සිතුවිලි සහ හැසිරීම් අඩු කිරීමට serotonin reuptake inhibitor වලට පුළුවන් .

ඉතින් ඔබට ,එසේත් නැතිනම් ඔබේ පවුලේ කෙනෙකුට ,යහළුවෙකුට මෙවැනි තත්වයක් තිබෙනවා නම් ඔහුව හෝ ඇයව විහිලුවට නොගෙන මෙම තත්වයෙන් මිදීම සදහා උපකාර කරන්න කාරුණික වෙන්න.

නිතරම තමන්ගේ අඩුපාඩු දකිනවා නම් ඔබටත් මේ රෝගය විය හැකියි..රෝග ලක්ෂණ මෙන්න.. | Body Dysmorphic Illness Symptoms


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now