දිනෙන් දින සුබ වන සංචාරක ක්ෂේත්‍රය - මෙම වර්ෂයේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 ක්

Report

මෙම වර්ෂයේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 221,953 කි. එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මැයි මස පළමු දින සිට 17 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 75,465දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බවයි.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් සහ මැයි මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද මේ පළාත් වලට තද වැසි

අද මේ පළාත් වලට තද වැසි