පාපැදි මිලට එකවරම සිදුවූ දේ මෙන්න..(PHOTOS)

Business Mobile Sri Lanka Businessman
By Aruna Jul 05, 2022 04:52 AM GMT
Aruna

Aruna

Report

වෙළඳපොළේ පාපැදි තොග අවසන්වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම, පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බවට යි වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට පවතිනවා.

පාපැදි තොග අවසන් විමත් සමඟ ඇතැම් පාපැදි අලෙවිකරුවන් සාමන්‍ය පාපැදියක් රුපියල් 60,000 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගියර සහිත පාපැදියක මිල ද රුපියල් 77,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක පාපැදි ගෙවීමේ ක්‍රමයට ලබා දීමට ඇතැම් පාපැදි අලෙවි ආයතන කටයුතු කරමින් සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery