දස නිවුන් දරු උපතක් (PHOTOS)
දකුණු අප්‍රිකානු කාන්තාවක් ළදරුවන් 10 දෙනකු බිහි කළ බව වාර්තා වේ.මැය 37 වැනි වියෙහි පසුවන ගොසියාම් තමාරා සිතෝල් ය.
ඇගේ සැමියා ප්‍රිටෝරියා නිව්ස් වෙත කියා සිටියේ"පිරිමි ළමයින් 7 දෙනෙක් සහ ගැහැණු ළමයි 3 ක්.මට සතුටුයි.මං හරිම සංවේදී මේ මොහොතේදී.මට වැඩිය කතා කරන්න බැහැ"යන්නයි.
දකුණු අප්‍රිකානු නිලධාරියෙක් BBC පුවත් සේවයට වාර්තා කර ඇත්තේ උපත තහවුරු නමුත් ඔවුන් තවමත් ළදරුවන් දැක නොමැති බවයි. සිතොල් මහත්මියගේ පවුලේ සාමාජිකයෙක් පැවසුවේ ඇයට ස්වභාවිකව උපතින් ළදරුවන් 5ක් සහ සිසේරියන් සැත්කමක් මගින් ළදරුවන් 5 ක් බිහි කළ බවයි.
ගිනස් ලෝක වාර්තා සඳහන් කර ඇත්තේ තමන් මේ පිළිබඳව විභාග කරන බවයි. 2009 දී එක්සත් ජනපදයේ ළදරුවන් 8 දෙනෙකු බිහි කළ කාන්තාවක් උපතින් අනතුරුව දිවි ගලවා ගැනීම නිසා මේ වන තුරු වැඩිම දරුවන් බිහි කිරීමේ ගිනස් ලෝක වාර්තාව ඇයට හිමි වී තිබුණි.
එමෙන්ම පසුගිය මාසයේදී මාලි හී 25 හැවිරිදි හලීමා සිතේ මොරොක්කෝවේ සායනයක දී හොඳින් දරු ප්‍රසූතියක් සිදුකළ බවද වාර්තා වේ.
එමෙන්ම මෙලෙස දරුවන් විශාල සංඛ්‍යාවක උපත් දුර්ලභ වන අතර බොහෝ විට බොහෝවිට සාරවත් බව අඩුය. එමෙන්ම මෙලෙස වැඩි දරු උපත් සංඛ්‍යාවක් සිදු වන්නේ ප්‍රතිකාර වල ප්‍රතිඵලයක් ලෙස සඳහන් නොවූ නමුත් මෙම යුවළ පවසන්නේ ඔවුන් ස්වභාවිකම පිළිසිඳ බවයි.
දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇය ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සිටින බව සඳහන්ය.ඇය මීට පෙර සඳහන් කර සිටියේ "සෞඛ්‍ය සම්පන්න දරු උපතක් සඳහා ඇය යාඥා කළ බවත් නින්ද නොයන රාත්‍රීන් වල ඇය කණස්සල්ලට පත්ව සිටි බවත්ය."ඔවුන්ට ගර්භාෂය තුළ සිටිය හැකිද ද ඔවුන් බේරෙයිද ඇය තමාගෙන් ම විමසා සිටි නමුත්, වෛද්‍යවරු සහතික කළේ ඇගේ ගර්භාෂය පුළුල් වන බවයි.
මෙහිදී මුලින් ඇයට පාදයේ වේදනාවක් ඇති වූ අතර වෛද්‍යවරු සඳහන් කළේ දරුවන් 8 දෙනෙකු වැරදි ලෙස නළයේ සිටින බවයි.ඉන්පසු ඔවුන් එය නිසි ආකාරව සැකසීමෙන් අනතුරුව ඇය සෞඛ්‍ය සම්පන්න විය.
ඇගේ ස්වාමිපුරුෂයා කියා සිටියේ "ඔහු සඳට ඉහළින් සිටින බවත්, දෙවියන් වහන්සේ විසින් තෝරාගත් දරුවකු ලෙස හැඟෙන බවත්, එය මා අගය කරන ප්‍රාතිහාර්යයක්" යන බවයි.(BBC)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |