ක්‍රිකට් දිවියට විවේකයක් දුන් බිනුර ෆේස්බුක් තැබූ සංවේදි සටහන..
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ තරඟවලදී ක්‍රීඩකයන් ආබාධ වලට ලක්වීම නිසා ලෝක කුසලාන තරඟාවලියම අහිමි වී තිබෙනවා.
මෙම තරගාවලියේ සුපිරි 12 වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමිවුනා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා තමා ආබාධයට ලක්වීම විහිළුවට ලක්කිරීම සම්බන්ධයෙන් බිනුර ප්‍රනාන්දු සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබෙනවා එමගින් බිනුර සඳහන් කර ඇත්තේ තමන් කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගන්නා බවත් තමන් නැවතත් වඩාත් ශක්තිමත්ව යළි පිටියට පැමිණෙන බවත් ඔහු සදහන් කර තිබුනා.
තවද තමන්ගේ අතේ පච්චයක් නොමැති වුවද තමන් හොඳ බෞද්ධයෙකු බවත් තමන්ට අපහාස කරන සියලුදෙනාට "සුවපත්වේවායි" ප්‍රාර්ථනා කරන බවත් ඔහු එමගින් සඳහන් කර තිබෙනවා.
බිනුර ප්‍රනාන්දු ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ තැබූ සටහන පහතින්.
