නාමල් රාජපක්ෂට ඇවිත් උත්තර දෙන්න කියන්න කවුද සම්පත් මනම්පේරි පොහොට්ටුවේ ලේකම් කෙනෙක්ලු නේද
අද දින (25) රැස්වූ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂය හමුවේ අසා සිටියේ විවිධ ප්‍රශ්ණ පිලිබදව කතානායක හා වාද කරමින් ප්‍රශ්ණ අසන විපක්ෂයේ කිසිවෙකුත් රටේ මේ වනවිට නොනවත්වා හසුවන මත්ද්‍රව්‍ය අපරාධ පිළිබද එකදු හෝ ප්‍රශ්නයක් නොනගන්නේ ඇයි ද යන්නයි.
එමෙන්ම මේ වනවිට ඇතැම් මන්ත්‍රීවරුන් කුඩු කන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂය විසින් කුඩු මත්ද්‍රව්‍ය හෝ අයිස් පිළිබදවද කිසිවක් අසන්නේ නැති බවත් එය තමාට විශාල ගැටලුවක් බවත් ඔහු පවසයි.
එමෙන්ම ඒ හා සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් ඒවා මාධ්‍ය සංදර්ශන නොවන බවත් පවසන ඔහු,මේ වනවිට රටතුල තංගල්ල මිද්දෙණිය සිනිමෝදර ආදී බොහෝ ස්ථානවලින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බවයි.
එමෙන්ම මිද්දෙණිය මත්ද්‍රව්‍ය අපරාධයට මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින සම්පත් මනම්පේරි නම් පුද්ගලයා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් බව තොරතුරු වාර්තා වී ඇති බවත් එහි ඇත්ත නැත්ත පිලිබදව හා ඔහුගේ සම්බන්ධතාවය පිලිබදව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පැමිණ පැහැදිලි කරන ලෙසත් පැවසුවේය.