හිටපු නගරාධිපති සමන් ලාල් ඇපකොන්දේසි කඩලා - අත්අඩංගුවට ගන්‍ යැයි අල්ලස් කොමිසම ඉල්ලයි

Report

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මගින් මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රොන්ත්‍රාත් 112 සඳහා මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් හිතවතුන්ට ගෙවීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැක පිට සිටින ඔහු ඇප කොන්දේසි කඩකරමින් සිටින බව පවසමින් අල්ලස් කොමිසම අද(10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව අවසන් වනතෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලීම් කර ඇත.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ විමර්ශන නිලධාරීන්, සැකකරු සහ මොරටුව මහ නගර සභාවේ සභිකයන් අතර සබඳතා නොපවත්වන ලෙසත්, නගර සභාවට නොයන ලෙසත්, නඩුව අවසන් වන තෙක් දැන්වූ බව සඳහන් කර තිබේ.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

නමුත් සහකාර නීති අධ්‍යක්ෂ කිත්මිණි වීරක්කොඩි අධිකරණයට කරුණු දක්වමින්, තුන්වන ඇප කොන්දේසිය මඟින් මොරටුව නගර සභාවට ඇතුළු නොවිය යුතු බව පැහැදිලිව පවසා ඇති අතර, සැකකරු විසින් එම ඇප කොන්දේසිය උල්ලංඝනය කරමින් සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිවලට බලපෑම් සිදු කළ බව ද සඳහන් කළේය.

අනතුරුව විමර්ශන අවසන් වන තෙක් මොරටුව නගර සභාවට නොයන ලෙසටද සැකකරුට අධිකරණයෙන් දැන්වූවා. ඒ අනුව අදාළ නඩුවේ විමර්ශන කාලසීමාව මාර්තු 31 දක්වා දිගු කර තිබේ.

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ