ඉරානෙට ගහන එක අපිට කෙටි කාලීන විනෝද චාරිකාවක් වගෙ - ට්‍රම්ප්ගෙන් කැත කතාවක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධය “කෙටි කාලීන විනෝද චාරිකාවක්” ලෙස විස්තර කරමින්, එක්සත් ජනපදය නියමිත කාලයට වඩා ඉදිරියෙන් සිටින බවත්, දැනටමත් “විශාල සාර්ථකත්වයක්” ලබා ඇති බවත් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, යුද්ධය සඳහා වියදම ඉහළ යාමත් සමඟ මෙහෙයුම් දිගටම කරගෙන යා හැකි බව ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය සහ ජනාධිපතිවරයාගේ අදහස් පිළිබඳව අල් ජසීරා පුවත් සේවයේ රොසිලන්ඩ් ජෝර්ඩන් පැහැදිලි කර ඇත.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තබනවානම් ඇමරිකාවෙන් පිට පිට ප්‍රහාර එල්ල විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.