රණවරා ගැන ඔබ නොදත් දේ මෙන්න
රණවරා ශාකයේ නිජබිම ලෙස සැලකෙන ඉන්දියාවේ වියළි ප‍්‍රදේශයයි.තවද අප රටේ වියළි ප‍්‍රදේශයේ හා මුහුදු තීරයේ බහුල වශයෙන් රණවරා දැකිය හැකිවේ.මෙම ශාකය මලින් බර වූ විට කහපාටින් යුක්ත වේ.රණවරා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Cassia Quriculata වන අතර කුලය ශිමිබි නම් වේ.
තවද දෙමළ භාෂාවෙන් අවෙරෙ ලෙසින් හඳුන්වනු ලබයි. රණවරා අප පානය කිරීමේදී තේ පානය කරන ආකාරයට මල් වියළා තම්බා පානයට ගනු ලබයි. ගෙවතු අලංකාර කිරීම උදෙසා ඇතැම් අය තම නිවෙස් ඉදිරි පිට වගා කරයි. මෙම ශාකයේ ස්වභාවික පිහිටීම නම් දුඹුරු පාටින් යුක්ත පොත්ත හා අතු බෙදුණු විශාල පඳුරු ස්වභාවයකින් යුක්ත වේ. රණවරා ශාකයේ පත‍්‍රය කොටස් වලට බෙදෙන බැවින් හඳුනා ගැනීමට පහසු වේ.
කහ පැහැති මල් පොකුරක් ලෙසින් හටගන්නා අතර ඉතා අලංකාරව ඈතට දිස්වේ. රණවරා ශාකයේ මල් පොකුර අගට නූලක් මෙන් සිහින්ව බීජ හටගනී. ඖෂධ සඳහා ගන්නා රණවරා මෙන්ම, වල්රණවරා නම් ශාකයක්් ඇත. මෙම ශාකයේ පත‍්‍ර විශාලය.රණවරා ශාකයේ පොතු, මුල්, මල්, කොළ ඖෂධ සඳහා ගනු ලබයි.මෙමගින් සෙම මෙන්ම පිත සමනය කරනු ලබයි.
රක්තවාතය සඳහා ඉතාම යෝග්‍ය වේ. එමෙන්ම ශරීර වර්ණය පැහැපත්් වීමට ද හේතු වේ. බඩේ අජීර්ණ හෝ බඩ රිදෙමින් පවතින විට රණවරා ගසේ මුලේ පොතු හපා යුෂ බීම ඉතා යෝග්‍යයි. ඉදිමුම ඇති අවස්ථාවල කොළ වණ්ඩුවේ තම්බා බැඳීම සුදුසු වේ. දියවැඩියාව හා මුත‍්‍රා බහුලව පිටවන අවස්ථාවල මල් තම්බා තේ පානය කරන ලෙසින් බීමට ඉතා සුදුසුු වේ.
රණවරා වල ප්‍රධාන ඖෂධීය ගුණ බොහෝමයක් තියෙනවා. ආයුර්වේදය අනුව ගත්තාම :
- මුත්‍රාරෝග (මුත්‍රා දැවිල්ල, මුත්‍රාගල්, දියවැඩියාව) සුව කිරීමට ඉතා යෝග්‍යයි.
- ඇගේ දාහය (ශරීර උණුසුම) අඩු කිරීම.
- රුධිරය පිරිසිදු කිරීම, රුධිර සීනි මට්ටම පාලනය කිරීම.
- ඉදිමුම්, කැසීම්, කුෂ්ඨ රෝග සුව කිරීම. ශරීරයේ වර්ණය (කාන්තිය) ඇති කිරීම, ශුක්‍ර ජනනය වැඩි කිරීම.
- තුවාල සුව කිරීම, ඇස් පෙනීම වැඩි කිරීම ආදිය.
වැනි රෝග වලට රණවර කියන්නේ හොද බෙහෙතක්.

ඒ වගේ ම
දියවැඩියාව පාලනය: රුධිර සීනි මට්ටම අඩු කිරීමට ඉතා යෝග්‍යයි.
රණවරා මල් හෝ පංචාංගය (කොළ, මල්, මුල්, පොතු, ඇට) තම්බා බීමෙන් බොහෝ දෙනෙකුට ගුණ ලැබෙනවා.
මුත්‍රාරෝග සහ වකුගඩු ආරක්ෂාව: මුත්‍රා දැවිල්ල, මුත්‍රාගල්, මුත්‍රාශයේ ආසාදන සහ වකුගඩු ගල් වළක්වා ගැනීමට ගුණදායකයි.
සමේ රෝග සහ පැහැපත් කිරීම: ලේ පිරිසිදු කිරීම නිසා සම පැහැපත් වෙනවා, කුෂ්ඨ, දද, කැසීම්, තුවාල සුව කිරීමටත් යොදා ගන්නවා.
ශරීර සිසිල් කිරීම: පිත්ත (උණුසුම් තත්ත්වයන්) සමනය කරනවා, ඇඟේ උෂ්ණත්වය පාලනය කරනවා.
අනෙකුත් ගුණ: ඉදිමුම් අඩු කිරීම, ඇස් පෙනීම වැඩි කිරීම, ශුක්‍ර ජනනය වැඩි කිරීම, පණු රෝග සහ කුෂ්ඨ රෝග සුව කිරීම ආදියටත් රණවරා කියන්නේ හොද බෙහෙතක්.
