විශ්වවිද්‍යාල වරම් නොලැබූ දරුවන්ට රජයෙන් සුබ පණිවිඩයක් - විශාල මුදලක් බැංකුවෙන්

Report

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීමේ අරමුණින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව එම වැඩසටහනට එක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම යෝජනා ක්‍රමය , අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් සාර්ථක වූ, නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන් සඳහා රජය පිළිගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට සහය දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

එමෙන්ම දැනට, මෙම යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබාදෙන බැංකු ලෙස මහජන බැංකුව සහ ලංකා බැංකුව කටයුතු කර ඇති අතර, 10 වන අදියර යටතේ සිසුන් 7,000 ක් සඳහා ණය පහසුකම් සලසා දීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද ණය ප්‍රදාන බැංකුවක් ලෙස සම්බන්ධ කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, එමඟින් වැඩි පිරිසක් පොලී රහිත ණය පහසුකම් භුක්ති විඳිය හැකි වනු ඇත.

රජයෙන් මේ ගොවීන්ට විශාල සහනයක් - මේ වගා සඳහා ලක්ෂ 7ට වැඩි මුදලක්

රජයෙන් මේ ගොවීන්ට විශාල සහනයක් - මේ වගා සඳහා ලක්ෂ 7ට වැඩි මුදලක්