ලොකු ළුෑණු මිල ගැන ලංකාවෙන් ඇසෙන අමුතුම කතාව..මිලටත් එකවරම සිදු වූ දේ..

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යල කන්නය වෙනුවෙන් අක්කර 1000කට ආසන්න භූමි ප්‍රදේශයක ලොකු ළුෑණු වගාකළ ද, ගොවීන්ගේ ළුෑණු අස්වැන්න සදහා නිසි මිලක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත් වී තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව, ළුෑණු කිලෝවක් සදහා තොග වෙළඳපොල මිල රුපියල් 156ක් 160ක් 170කට ආසන්න මුදලකට පැවතීම කණගාටුදායක තත්ත්වයක් බව ගොවීන් පෙන්වා දෙයි.

මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..

මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..


ගොවින් වගාකළ ලොකු ළුෑණු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති අතර එමගින් වගාව සඳහා ලබාගත් ණය මුදල් පවා ගෙවා දැමීමටවත් නොහැකි වන බවයි ගොවීන් මැසිවිලි නගන්නේ.

එමෙන්ම මේ වන විටත් පිටරටින් ලොකු ළුෑණු ආනයනය කිරීම හේතුවෙන් දේශීය ලොකු ළුෑණු සදහා මිලක් නොමැති අතර ඒ හේතුවෙන් තමා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ගොවීන් ප්‍රකාශ කරයි.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.


මේ අනුව, මෙවර යල කන්නයේ දී ළුෑණු වගා කළ ගොවීන් රජයේ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 275 -300ක් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන ලෙසයි.