බගවන්තලාවට මල් තුහින
By Kanchana
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාපතනයෙන් පසු මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද (15) දින අලුයම මල් තුහින පතිත වී ඇති ආකාරය දකින්නට තිබුණි.
ඒ අනුව බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහින පතිත ව ඇති අයුරු දැකගන්නට හැකි විය.
තවද එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ බගවන්තලාව ප්‍රදේශයේ අද (15) දිනයේ උදෑසන අධික සීතල කාලගුණයක් තිබූ බවයි.