ලෝකෙම ඉන්න පූස් පිස්සොන්ට සුබ ආරංචියක්

Report

ලොව පුරා සිටින සුරතල් පූසන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බර වැඩි බවට සත්ත්ව විශේෂඥයන් අනාවරණය කර ඇත.

ඒ අනුව මෙම තරබාරු පූසන් සඳහා දැන් ඔසෙම්පික් (Ozempic) ඖෂධයේ පූසන් වෙනුවෙන්ම සැකසූ අනුවාදයක් හඳුන්වා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එසේම සුරතල් සතුන් සඳහා ඖෂධ සපයන සමාගමක්, මෙම ඖෂධය පිළිබඳව කළ පළමු සායනික පරීක්ෂණය වන MEOW-1 (ManagEment of OverWeight cats with OKV-119) සාර්ථක වූ බව නිවේදනය කර තිබෙනවා.

අඳාළ ඖෂධය, බළලුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට, සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම ප්‍රවර්ධනය කිරීමට සහ පූසන් සඳහා ලබා ගත හැකි වඩාත්ම බලපෑමක් ඇති කරන ආයු කාලය දීර්ඝ කිරීමේ ප්‍රතිකාරය වීමට පවා හැකියාව ඇති බව පෙන්වා දෙයි.

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

එබැවින් OKV-119 වශයෙන් හැඳින්වෙන මෙම ඖෂධය, බර අඩු කිරීමට අමතරව දියවැඩියාව සහ වකුගඩු රෝග වැනි සුලභ පරිවෘත්තීය රෝග සඳහා ද විසඳුම් ලබා දීමට හැකියාව තිබෙනවා.

එමඟින් දීර්ඝායුෂට සහ සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීමට උපකාරී වෙන බව සඳහන්.

මේ අතර ඖෂධ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) මයිකල් ක්ලොට්ස්මන් විසින් මෙම ඖෂධය සැලසුම් කර ඇත්තේ, ආහාර ගැනීමේ පුරුදුවල සැලකිය යුතු වෙනස්කම් අවශ්‍ය නොවී, වැඩිදියුණු කළ ඉන්සියුලින් සංවේදීතාව, අඩු මේද ප්‍රමාණය සහ වඩා කාර්යක්ෂම බලශක්ති පරිවෘත්තීය වැනි නිරාහාරව සිටීමේ කායික බලපෑම් බොහොමයක් අනුකරණය කිරීමට බව ප්‍රකාශ ක‍ර ඇත.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

ඒ අනුව MEOW-1 පරීක්ෂණය සාර්ථක වුවහොත්, අදාළ ඖෂධ සමාගම විශාල පරීක්ෂණයක් දියත් කිරීමට සහ ඉක්මනින්ම අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියෙන් (FDA) අනුමැතිය ඉල්ලා සිටීමට සැලසුම් කරන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම ඖෂධය 2028 හෝ 2029 තරම් ඉක්මනින් ලබා දීමට සමාගම බලාපොරොත්තු වෙන බව වාර්තා වේ.

මුදල් අතින් වාසනාවන්ත වෙන මේ අය අද ටිකට් එකක් ගත්තොත් මල් හතයි

මුදල් අතින් වාසනාවන්ත වෙන මේ අය අද ටිකට් එකක් ගත්තොත් මල් හතයි