කාන්කාවන්ට රූපලාවන්‍යාගාර සපුරා තහනම්..එහි බලපත්‍රත් අවලංගු කරයි..
By Aruna
කාන්කාවන්ට රූපලාවන්‍යාගාර සපුරා තහනම් කරයි.
තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කළ බව එරට ගුණධර්ම පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් අකිෆ් මහජාර් නිවේදනය කර තිබෙනවා.
ඔහු නියෝග කර ඇත්තේ තලේබාන් නායකයාගේ නව නියෝගය ක්‍රියාත්මක කරමින් කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අවලංගු කරන ලෙසයි.
ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් ත්‍රස්තවාදීන් මීට පෙර ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන සංවිධානවල සේවය, උද්‍යාන, සිනමා ශාලා සහ වෙනත් විනෝදාස්වාද පොදු ස්ථානවලට යාම තහනම් කළා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගන් ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට සීමා පැනවීම ජාතික හා ජාත්‍යන්තර දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි.