ලංකාව මැලේසියාව සමඟ සෘජු ගුවන් සේවය ආරම්භ වේ
බතික් එයාර් මංගල ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද (මාර්තු 30) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සාර්ථකව පැමිණියේ මගීන් 62 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් හතුර දෙනෙකු සමඟිනි.
ගුවන් යානය එම දිනම අලුයම 2.05ට මගීන් 160 දෙනෙකු ප්‍රවාහනය කරගෙන නැවත ක්වාලාලම්පූර් බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ වාර්තාකරුවන් සඳහන් කළහ.
බතික් එයාර් ගුවන් සේවය මෙම මාර්ගය සතියකට දින හතුරක් (සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) ධාවනය කිරීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සෘජු ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ මංගල ගුවන් යානය වේ. මෙම නව සේවය මගින් දෙරට අතර සංචාරක හා ව්‍යාපාරික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීමට අපේක්ෂා කෙරේ.