බැස්ටියන් මාවතේ බස් නැවැතුම්පොළේ හදිසි රාත්‍රී වැටලීමක්- පරීක්ෂා කළ බස් 59න් 39කටම නඩත්තු නියෝග

Report

​වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂාකිරීමේ විශේෂ රාත්‍රී මෙහෙයුමකදී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59කින් 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

​වාහන වායු විමෝචන වැඩසටහන මගින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබේ .

දහවල් කාලයේදී ධාවනයේ නොයෙදෙන සහ පරීක්ෂාවලට හසුනොවන බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙයුම සංවිධානය කර ඇත.

​වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් විසින් මෙහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගනිමින් ධාවනය කළ බස් රථද එහිදී හඳුනාගෙන ඇති අතර, එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

​මේ අතර මෙයට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක්ද ඊයේ (22) දහවල් කාලයේදී වාහන වායු විමෝචන වැඩසටහන විසින් ක්‍රියාත්මක කර ඇත

​මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ මෙම විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදු කිරීමට වාහන වායු විමෝචන වැඩසටහන විසින් සැලසුම් කර තිබේ.

  තවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

නුවරඑළිය ඇතුළු කඳුකර මාර්ගවල නොපෙනෙන තරමට ඝන මීදුමක්- වාහන පදවන අයට පොලිසියෙන් රතු එළියක්

නුවරඑළිය ඇතුළු කඳුකර මාර්ගවල නොපෙනෙන තරමට ඝන මීදුමක්- වාහන පදවන අයට පොලිසියෙන් රතු එළියක්