මන්ත්‍රීවරු 04 දෙනෙකු බැසිල් වෙනුවෙන් අසුන ලබාදීමට කැමති වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුම කැමැත්ත පළ කර තිබෙනවා.
සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර එම මන්ත්‍රිවරුන් වන බවටයි වාර්තා වන්නේ.
ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් වනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වනවා. අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පිහිටුවනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |