සුරාසැල් විවෘත කිරීම ප්‍රභල මන්ත්‍රීවරයෙකු බාරගනි..එම මන්ත්‍රී මෙන්න.
Covid
Sri Lanka
Lock down
Bar
Dilan perera
By Aruna
සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
මත්පැන් පානය කිරීම නීති මගින් නවතා දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව සුරාසැල් විවෘත කිරීම වරදක් නොවන බව ද පවසන ඔහු රට වසා දැමුවත් නැතත් මුදල් ඇති අය මිල අධික මත්පැන් හෝ පානය කරන බවද සඳහන් කළේය.
සුරාසැල් විවෘත කළ විට කැමති අයට මත්පැන් පානය කළ හැකි බවත් අකමැති අයට නොබී සිටිය ඇති බවත් තව දුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
