දැරියකගේ මරණය නිසා වියරු වූ බෙංගාල වැසියන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දෙයි

Sri Lanka
By Sithumi Apr 27, 2023 11:17 AM GMT
Sithumi

Sithumi

Report

බෙංගාලයේ – කලියගන්ජ් පොලිස් ස්ථානය තුළ විරෝධතාකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෝත්‍රික රාජ්බොංෂි දැරියකගේ මරණය සම්බන්ධයෙන් ජනතාව විරෝධතාවයේ නිරත වූ බවයි. කලියාගන්ජ් ප්‍රදේශයේ ඇළක තිබී බාලවයස්කාර දැරියගේ මළ සිරුර හමුවී ඇති අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් තරුණයා මිය ගිය බවත් ඇය වස පානය කර මිය ගිය බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.

බාලවයස්කාර දැරියක් පසුගිය බ්‍රහස්පතින්දා උපකාරක පන්ති සඳහා ගොස් සිටියදී අතුරුදන් වී ඇති අතර ඇගේ සිරුර ඇළක් අසල තිබී හමුවී තිබෙන අතර මෙහිදී බෙංගාල පොලිසිය බාලවයස්කාර දැරියගේ සිරුර ඇදගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පුද්ගලයන් කෝප වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 දැරිය වස පානය කර මිය ගොස් ඇති බවත්, ඇය අතවරයට ලක්ව ඇති බවට සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි  කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් වෛද්‍යවරුන් සොයා ගත්තේ.

 බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි ප්‍රකාශ කළේ පොලිස් නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි. ඩිනාජ්පූර් හි ගෝත්‍රික රාජ්බොංෂි දැරියගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා පාගමනක් ප්‍රචණ්ඩත්වයට පැමිණීමෙන් පසුව මෙම සිදුවීම සිදුව තිබෙනවා.  

ත්‍රිනාමූල් කොංග්‍රසයේ ප්‍රකාශක කුනාල් ගෝෂ් වීඩියෝව හුවමාරු කර ගනිමින් කියා සිටියේ විරෝධතාකරුවන්ගේ මැරකම් මධ්‍යයේ පොලිස් නිලධාරීන් සංයමයෙන් කටයුතු කර ඇති අතර වෙඩි තැබීමක් නොකළ ඇති බවයි.  

බාලවයස්කාර දැරිය අතවරයට ලක්ව ඇති බවට අසත්‍ය කටකතා පතුරවන සහ අනවශ්‍ය ලෙස ප්‍රදේශයේ කලබල ඇති කරන්නන් අත්අඩංගුවට ගත යුතු බව කුනාල් ගෝෂ් පවසනවා. මේ අතර බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍යවරයා පොලිස් ස්ථානයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.