ප්‍රසිද්ධ බැංකුවකින් මුදල් වංචාවක්..තැම්පත්කරුවන් විශාල ප්‍රමාණයක් අනතුරේ..

Central Bank of Sri Lanka Sri Lanka Police Colombo Prisons in Sri Lanka Prison
By Aruna Jun 13, 2023 07:04 AM GMT
Aruna

Aruna

Report

දෙහිවල – ගල්කිස්ස විවිධ සේවා සමුපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ මුදල් ආපසු ලබා නොදී වංචා කිරීම හා සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයට සහ සුළු පැමිණිලි අංශයට තැන්පත්කරුවන් 104 දෙනෙක් පැමිණිලි කර තිබෙන බව වාර්තා වනවා.

එම පැමිණිලිවලට අදාළව කරගම්පිටිය, අත්තිඩිය, ගල්කිස්ස, රත්මලාන, බෙලෙක්කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පත් සහ සාමාන්‍ය ගිණුම්වලින් වංචා කළ මුදල රුපියල් මිලියන 250 කට අධික බවයි පැවසෙන්නේ.

පොලිසියට කළ පැමිණිලිවලින් 5 ක් බස්නාහිර පළාත් හිටපු සමුපකාර සංවර්ධන කොමසාරිස් රුවිනි ආයාචනා විජයවික්‍රම මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවයි ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් බස්නාහිර පළාත් හිටපු සමුපකාර සංවර්ධන කොමසාරිස්වරියගේ විදෙස් ගමන් තහනම් කර ඇත.