ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයාට පාදයක් අහිමි වෙයි (PHOTOS)

CRICKET BANDULA VARNAPURA TEST LEADER
By Sewvandhi Oct 08, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුරගේ එක් පාදයක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 06 වනදා උදෑසන ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකෙරුණු 68 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

එමෙන්ම, පපුවේ හටගත් වේදනාවක් නිසා ඉදිරිපෙළ ක්‍රීඩකයකුට අත්වූ ඉරණම ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වන ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස වසර හතරකට අධික කාලයක් ක්‍රීඩා කළ ගයාන් මෙරට ප්‍රමුඛ පෙළේ ලීග් රග්බි තරගාවලි සියල්ලට එක්වූ ක්‍රීඩකයෙක්. ඊයේ උදෑසන පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පපුවේ හටගත් වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට සම්බන්ධ නිලධාරීයෙකු තහවුරු කළේ. කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වේළුවන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි 33 හැවිරිදි ගයාන් ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක්ව සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha