තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය
පවතින තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) දින තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය ක්ෂේත්රය දැඩි වශයෙන් අර්බුදයකට ලක්වී තිබෙන බව එහි සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කර ඇත.
එසේම ඔහු කියා සිටියේ පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.