දරුවන් අතරේ පැතිර යන රෝගයක් මෙරටින් හමු වෙයි..අවධානයෙන් සිටින්න.

Sri Lanka Baby child virus Cats Bataluwan
By Aruna Jun 18, 2021 03:52 AM GMT
Report

දරුවන් අතරේ මේ දිනවල පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

දරුවන් මේ දිනවල නිවෙස්වල වැඩි වශයෙන් පූසන් සහ කුඩා බලු පැටවුන් සමග කාලය ගතකරන නිසා එම සතුන්ගෙන් මෙම වටපණු රෝගය දරුවන්ට වැළඳෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

දරුවන්ට එම වටපණුවන් ඇතුළුවීමෙන් ඔවුන්ගේ සම මත මුල් අදියර යටතේ පණු ගෙඩි ඇති කරවන බවත් මෙම වට පණුවන් දරුවන්ගේ ඇස්වලට, මොළයට සහ පෙණහලුවලට ඇතුළුවීමෙන් බරපතළ සංකූලතා ඇති කරනු ලබන බවත් සඳහන් කළා.

නිවෙස්වල සුරතලයට ඇති කරන මෙවැනි සතුන්ට පණු බෙහෙත් ලබාදීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now