දේශපාලනඥයන් වෙනුවෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා - බන්ධනාගාර වෛද්‍යවරුන්ට අක්‍රමිකතා පරීක්ෂණ

Report

බන්ධනාගාර රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් තම වෘත්තීය වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කරමින් අක්‍රමිකතා වලට සම්බන්ධ වී ඇත්නම්, එම කටයුතු සම්බන්ධයෙන් සවිස්තර පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.

සජබේ ඇතුළෙන්ම විරෝධයක්

සජබේ ඇතුළෙන්ම විරෝධයක්

මෙම සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ දේශපාලනඥයන්, රිමාන්ඩ් භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් බලවත් පුද්ගලයින් සඳහා විශේෂ පහසුකම් සැලසීම වෙනුවෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීම සිදු වන බවයි.

ඒ සඳහා වගකිව යුතු වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු පැවසීය. වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ, විශේෂයෙන් COVID-19 වසංගත සමයේ දී ව්‍යාජ වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණවලදී හෙළිදරව් වී ඇති බවත්, එවැනි සිදුවීම් නැවත නොසිදු වන ලෙස ඒවා පිළිබඳ ගැඹුරු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජය කටයුතු කළ යුතු බවත්ය.

ලොව පුරා ChatGPT බිද වැටේ

ලොව පුරා ChatGPT බිද වැටේ