අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් සමාව අයදියි

Australia vaccination prime minister moderna beg pardon
By Sewvandhi Jul 22, 2021 10:42 AM GMT
Report

එන්නත්කරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා.

ඒ, ඩෙල්ටා ප්‍රභේද ව්‍යාප්තියත් සමඟ එරටින් වාර්තාවන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟයි. 2020 වසරේදී වසංගතය පාලනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව පැසසුමට ලක්වුණා.

එහෙත් මෙම වසරේදී එලෙස කටයුතු කිරීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාව දෛනිකව ලබාදෙන්නේ එක් ලක්ෂ 50000 කට අඩු එන්නත් ප්‍රමාණයක්.

එය, සෙසු සංවර්ධිත රටවල් ලබාදෙන එන්නත් ප්‍රතිශතයට වඩා ඉතා පහළ අගයක්. ඉදිරි සතිවල ෆයිසර් සහ මොඩර්නා එන්නත් විශාල ප්‍රමාණයක් ගෙන්වන බැවින් මෙම වසර අවසන් වන විට සියලු වැඩිහිටියන්ට එන්නත් ලබාදීමේ ඉලක්කය සපුරා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක් මේ වන විටත් ලොක්ඩවුන් කර අවසන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now