අනියම් බිරිඳ බෙදා ගත නොහැකිව ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වෙඩි තැබීමක්.

Attempted Murder Businessman
By Wayomi Jan 21, 2023 09:08 AM GMT
Wayomi

Wayomi

Report

 හොරණ කුඹුක ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙක්ව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 16 වනදා මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවියක්ද සමඟයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ද ව්‍යාපාරිකයෙකු වන අතර පෞද්ගලික අරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනියම් සබඳතාවක් පවත්වන කාන්තාවක් සමඟ අදාළ ව්‍යාපාරිකයා ද සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW