කඩු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකුට බරපතළයි

jaffna swords three-wheeler koppai selvapuram motorcyclist
By Sewvandhi Jul 01, 2021 09:58 AM GMT
Report

යාපනය,කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයේදී සිදුවු පහරදීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කෝපායි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ, ඊයේ (30) යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් සෙල්වපුරම් ප්‍රදේශයේ පිරිසක් වෙත කඩු රැගෙන විත් පහර දී වාහන කිහිපයකට ද හානි සිදුකොට ඇති බවය.

පෞද්ගලික කාරණාවක් අදාළ ගැටුමට හේතුවී ඇති බවට සැක පළ කරන අතර, සිදුවීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ අතක් කපා දමා ඇතැයි ද වාර්තා වේ.

තුවාල ලැබූවන් මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පැවසීය. අදාළ පහරදීමෙන් මෝටර් රථයකට හා ත්‍රීරෝද රථයකටද හානි සිදුවි ඇති අතර පහරදුන් කණ්ඩායම පළාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now