මුළු රටම හඬවමින් හදිසියේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් මියයයි.

Army Sri Lanka Sport Rugbi Gayan shanaka
By Aruna Oct 08, 2021 02:22 AM GMT
Aruna

Aruna

Report

පපුවේ හටගත් වේදනාවක් නිසා ඉදිරිපෙළ ක්‍රීඩකයකුට අත්වූ ඉරණම ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වන ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස වසර හතරකට අධික කාලයක් ක්‍රීඩා කළ ගයාන් මෙරට ප්‍රමුඛ පෙළේ ලීග් රග්බි තරගාවලි සියල්ලට එක්වූ ක්‍රීඩකයෙක්. ඊයේ උදෑසන පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පපුවේ හටගත් වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට සම්බන්ධ නිලධාරීයෙකු තහවුරු කළේ.

කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වේළුවන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි 33 හැවිරිදි ගයාන් ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha