දෙමටගොඩ තරුණයා පැහැරගැනීමේ නඩුවේ තීන්දුව වෙනස් වෙයිද? හිරුණිකාගේ අභියාචනය ගැන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදෙයි

By Kanchana Nov 10, 2026 07:24 AM GMT
Report

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදී ගොස් තිබේ.

ඒ අනුව, අදාළ අභියාචනා පෙත්සම පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියෝග කර ඇත. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් තමන්ට නියම වූ සිරදඬුවමට එරෙහිව ඇය විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ. අදාළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එය අද (10) විනිසුරු පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විවෘත අධිකරණයේදී අදහස් දැක්වූ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා සඳහන් කළේ විනිසුරු මඩුල්ලේ තීන්දුව සම්බන්ධයෙන් බෙදීමක් පවතින බවයි.

ඒ අනුව, අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. එමෙන්ම, අදාළ අභියාචනය හෙට දිනයේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ යළි කැඳවන ලෙසද නියෝග කර තිබේ. මෙම අභියාචනා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

සුළු මොහොතකට පෙර නිශාන්ත රණතුංග අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර නිශාන්ත රණතුංග අත්අඩංගුවට