ඇස්ට්‍රාසෙනිකා නොලැබෙන හැඩයි

covid19 vaccination British astrazeneca channa jayasumana
By Sewvandhi Jun 03, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි කී ජයසුමන මහතා ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද පැවසුවේය .

මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය . මේ අතර කොරෝනා එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි මහාචාර්යවරයා කීය .  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now