සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සගයෙක් පොලීසියට මාට්ටු

Report

ගන්දර–දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක්ද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (31) පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ඇති බවට සැක කරන රුපියල් ලක්ෂ 05ක් පමණ වූ මුදලක්ද සොයාගෙන ඇත.

2026 නව වසර‍ට රට වෙනුවෙන් අගමැතිගේ ප්‍රාර්ථනය

2026 නව වසර‍ට රට වෙනුවෙන් අගමැතිගේ ප්‍රාර්ථනය

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විදේශ ගතව සිටින ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

එම ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම්වලින් උපයන මුදල් සම්බන්ධ කටයුතු මෙරට තුළ සිදුකරමින් සිටියේ මෙම සැකකරු බවටද පොලිසිය සැක පළ කරයි. සැකකරු අද (01) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට