මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

Report

සංජානා ඕනාලි පිළිබඳව මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ කරනවා.ඒ ඇයගේ විවාහය පිළිබඳව ඇතිවී තිබෙන මතභේදාත්මක ගැටලුකාරී තත්ත්වය නිසයි.

ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන විහගෙන නමැති තරුණයෙක් සමග තමයි විවාහ වුණේ.කෙසේ නමුත් මේ වන විට ඇය ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කර ඇති බවට සඳහන්වේ.

එයට හේතුව ලෙස ඇය සෘජුව නොපැවැසුවත් සඳහන් වන ආකාරයට ඇයගේ සැමියා සමසිරි ඇසුරට අභියෝග වූ අයෙක් බවට හෙළිවේ.සංජානා තමන්ගේ මුහුණු පොතට නිතර එක් කළ සටහන් වලින් එය තවත් ඔප්පු වී තිබේ.

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

මීට පස්සේ කොළඹදි මේවා කරන්න බෑ

මීට පස්සේ කොළඹදි මේවා කරන්න බෑ

ඒ අනුව ඇය නැවත වතාවක් බොහෝ දෙනෙකුගේ වැරදි වැටහීම නැති කිරීමට මේ සම්බන්ධයෙන් සටහනක් එක් කොට තිබුණි. එම සටහන පහතින් උපුටා දක්වා ඇත.

"I LOVE YOU ALL❤️ මම ආයේ මේ ගැන කතා කරන්න කැමැති නෑ. නමුත් කියන්න අවශ්‍ය ම දේවල් ටිකක් උපරිම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයේ මේ කෙටි කාලයට මට මුහුණදෙන්නට වුණ සිදුවීම්වල බරපතලකම දන්නෙ මං විතරමයි. අවුරුදු 28ක කාලයක් තිස්සේ මම තනිව ජීවත් වුණා මිසක කිසිඳු දිනෙක කිසිඳු විටෙක මම කවුරුන් මත හෝ යැපී නැත්නම් කාගෙන්වත් යැපී ජීවත්වෙලා නෑ. මගේ මවගේ වියෝවෙන් පසුව අද මම ජීවත්වන තත්වය දක්වා මම ගොඩනගා ගත් සියල්ල මගේ හැකියාවෙන් සහ මහන්සියෙන් ගොඩනගා ගත් දේවල් මිසක, කිසිම කෙනෙක්ගෙන් ලැබුණ දෙයක් හෝ උපයාගත් දෙයක් මං ළඟ නැහැ. මගේ ජීවිතයේ මට මුහුණදෙන්න සිදුවුණ සිදුවීම්වල අමිහිරිකම සහ අසාධාරණ රැවටීම් ගැන මම මගේ සමාජ මාධ්‍යවල මගේ මිතුරන් සමගින් බෙදාගන්නේ, තවත් කාටහරිම ඒ වගේ දෙයක් සිදුවෙන්න කලින් දැනුවත් වෙන්න ඒ හරහා හැකිවෙයි කියලා හිතලා විතරයි. සමහරු කියනවා වගේ අනෙක් පාර්ශවයෙන් මුදල් බලාගෙන සබඳකම් ගොඩනගා ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නෑ වගේම මම එහෙම රුපියලකවත් දෙයක් අද වෙනතුරු කෙනෙක්ගෙන් අරගෙනත් නෑ.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි | Actress Sanjana Onali Breakup Story

මම දැඩිව අසනීප වෙලා ඉන්න අවස්ථාවලත් මගේ යාලුවෝ මාත් එක්ක හිටියා හැරෙන්නට මේ කියන පාර්ශව මම සුවෙන් ද ජීවත්ව ඉන්නවද කියලවත් හොයලා බලන්න හිටියෙ නෑ. එනිසා මගේ ළඟ ඉන්න අය, මට වචනෙකින් හරි ආශිර්වාදයක් වෙන ශක්තියක් වෙන අය මං ගැන දන්නවා නම් - ඒ අය එක්ක හොඳින් ඉන්න උත්සාහ ගන්නවා හැරුණු කොට මේ වෙලේ වෙනත් කිසිම දෙයක් ගැන මම හිතන්නෙත් නෑ. අනෙක් කාරණේ තමයි කිසිම වෙලාවක මම සමරිසි ප්‍රජාවට අපහාස කරන්නෙවත්, කෙනෙක්ගේ තෝරාගැනීම හෝ ලිංගික අනන්‍යතාවය ගැන උපහාසයට ලක්කරන්නෙවත් නෑ. මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක්වුණ නිසා, මට වුණ දේම වුණ සහ වෙන්න පුළුවන් තවත් අය එක්ක ඒ හැඟීම බෙදාගන්න විතරයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ඒ හැරෙන්න මගේ මිත්‍රයෝ සහ හිතවතුන් ඕනෑතරම් විවිධ අනන්‍යතාවන් තෝරාගැනීම් එක්ක ජීවත්වෙනවා වගේම මම ඒ හැම කෙනෙක්ගෙම සිතැඟියාවට ගරු කරනවා. ඒත් සමහරු මිනිස්සු ළඟ තියෙන මනුෂ්‍යත්වයෙන් තොර රැවටිලිසහගත ජීවිතය මම දැඩිව හෙළා දකිනවා සහ ප්‍රතික්ෂේප කරනවා. ඒ හැරෙන්න දෙයක් මට කියන්න අවශ්‍ය නෑ වගේම මෙතැනින් එහාට මම මේ ගැන ආයෙ කතා කරන්න කැමැතිත් නෑ. කලින් කිව්වා වගේම හෙටින් පටන් ගන්න අලුත් අවුරුද්දේ අපි කිසිම කෙනෙක්ට රැවටීම්වලට වංචාවන්ට අහුනොවෙන අනාගතයක් උදාවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම සිතුවිල්ලකින් හරි මට ශක්තිය වෙන හැම දෙනාට ම මම මගේ ආදරේ මේ සමග දන්වනවා. ❤️~ Sanjana Gamarachchi ~❤️"

ඉක්මනට සුදු වෙන්න ශරීරයේ ග්ලූටතයෝන් වැඩි කර ගමුද?

ඉක්මනට සුදු වෙන්න ශරීරයේ ග්ලූටතයෝන් වැඩි කර ගමුද?

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්