දෙයියනේ රථ වාහන පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා හප්පලා මරලා

Report

අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂාවක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැන් රථයකින් පැමිණි පිරිසක් විසින් යටකර පලායෑමේ සිද්ධියකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අද (අලුයම) පෙරවරු 2.45ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කළ සැකකටයුතු සුදු පැහැති වැන් රථයක් නතර කරන ලෙස රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සංඥා කර ඇත.

එහෙත් එම අණ නොතකා වැන් රථය පොලිස් නිලධාරීන් ද හප්පා හම්බන්තොට දෙසට වේගයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබූ පොලිස් කොස්තාපල් සරත් නමැති නිලධාරියා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම වැන් රථයේ ගැටුණු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ වැන් රථය හෝ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට