මව පියා පහරදීමෙන් පාසැල් සිසුවියක් නිළ ඇඳුමෙන්ම ලේ පෙරාගෙන පොලීසියට යයි.. සංවේදී සිදුවීමක්..
Sri Lanka
Student
Beruwala
මාස 3 කට පෙර
බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ දාහත් හැවිරිදි සිසුවියකට පාසල් යාමට ඇඳුමින් සැරසී සිටියදී සුළු සිදුවීමකට උරණවී තම පියා සහ මව පහර දුන් බව කියමින් එම සිසුවිය රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින්ම බේරුවල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බව පොලිසිය පවසනවා.
මෙලෙස පහර කෑමට ලක් වී ඇති සිසුවිය බේරුවල පොලිස් වසමේ කනිටු විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි වාර්තා වන්නේ .
තම පියා සිවිල් ආරක්ෂක උප නියාමක වරයෙකු බවත්,මව රැකියාවක් නොකරන අයෙකු වන අතර පහරකෑමෙන් ඇයගේ ඇඟිල්ලක් තුවාල සිදුවී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .
එම සිසුවිය පොලිසියට පැමිණෙන විට උදෑසන ආහාරගෙන නො තිබූ බැවින් පොලිස් නිලධාරින් ඇයට ආහාර පානපානවලින් ද සංග්‍රහ කර පැමිණිල්ල සටහන් කරවැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |