අශෝක කහඳගමගේ දියණියගෙන් අරගලකරුවන්ට තර්ජනයක් (PHOTOS)

By Sithumi May 09, 2022 11:48 AM GMT
Sithumi

Sithumi

Report

අශෝක කහඳගම ද අද (09) ''මහින්ද ඕනේ අපි මහින්ද සමඟ යි'' යන සටන් පාඨය ඔස්සේ සංවිධානය කළ විරෝධතාවට එක් වුණා. කෙසේ වෙතත් ගාලුමුවදොර අරගල භූමිය තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ ඇති වූයේ පාලනය කළ නො හැකි තත්ත්වයක්.

අද පැවති මහින්ද ඕනේ කියූ විරෝධතාවයේ ප්‍රධාන සංවිධායකයන් අතර ප්‍රධාන ම අයෙකු වන්නේ, අශෝක කහඳගමගේ යි. අරගල භූමිය උණුසුම් වන්නට පෙර ඔහුගේ දියණිය වන රේඛා කහඳගම සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබමින් සඳහන් කර සිටියේ, අරගලකරුවන්ට ප්‍රශ්න තියෙනවා දැ යි අසමින්.

එහි බැරෑරුම් තර්ජනාත්මක ස්වරූපයක් ද දැක ගත හැකි යි. කෙසේ වෙතත් උණුසුම්කාරී වාතාවරණය අතර, අරගලකරුවන්ට කොටු වූ අශෝක කහඳගමගේට සිදු වූයේ අනපේක්ෂිත අද්දැකීමට මුහුණ දීමට යි. අරගලකරුවන් ඔහුගේ ඇඳුන් ගලවා යට ඇඳුම් පමණක් ඉතිරි කර පවසා සිටියේ, මේ අර්බුදයට ඔබත් හේතුවක් වන බව යි.

GalleryGalleryGallery