මට හෝ මගේ දරුවන් බිරිඳට ජිවිත හානි වුනොත් ජනපති, අගමැති, CID ය වගකිව යුතුයි... (VIDEO)

By Wasantha Jun 29, 2021 11:28 AM GMT
Report

තමන්ට හෝ තමන්ගේ දරුවන් බිරිඳ ඇතුළුව පවුලේ සාමාජිකයෙකුට අනාගතයේ දී යම් හානියක් සිදුවන්නේ නම් එහි වගකීම වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට වග කිව යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පසුගියදා සිදු වූ සිද්ධියෙන් පසු තමන්ගේ පවුලටම තර්ජන ඇති වනු ඇති බවට තමා සැක කරන බවයි.

එම නිසා තමන් මෙම ඉල්ලීම රජයෙන් ඉල්ලා සිටින බවයි ගගන ප්‍රවෘත්ති අංශය සමගින් දුරකථනය ඔස්සේ සිදු කළ විශේෂ සාකච්ඡාවකදී කියා සිටියේ.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now