අසේල සම්පත් ඇප මත නිදහස්
WHO
vaccination
fake news
asela sampath
get bail
By Sewvandhi
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාට තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මින් ඉදිරියට වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණි.
අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.
අධිකරණයේදී අනාවරණය වූයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
