මාධ්‍යවේදිීන් වෙනුවෙන් අසේල සම්පත් පෙරට එයි..පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලීමක්..
මාධ්‍යවේදිීන් වෙනුවෙන් ඇසි දිසි රක්ෂණා වරයක් පසුගිය ගිය කාලයේ දී තිබුණ ද මේ වනවිට එය ක්‍රියාත්මකව නොමැති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා.
ඒ මහතා කියා සිටින්නේ, මාධ්‍යවේදීන්ට සුවිශාල සහනයක් වූ එම රක්ෂණාවරය ඔහුන් ට,අව්වේ වැස්සේ මහ රෑ ගංවතුරේ කඳුලු ගෑස් කකා ගුටි කකා හෙට දවසේ රටේ උන්නතිය වෙනුවෙන් සිය දිවි නොතකා තොරතුරු ලබාදීමේ කාර්‍ය් භාරයේ නිරත ලංකාවම ආවරණය කරන මාධ්‍යවේදින් ට අනිවාර්යයෙන් රකෂණාවරයක් ලබා දිය යුතු බවයි.
මේ පිලිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයේ දී ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කළ යුතු බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් අවධාරණය කළා.